ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන වුණොත් මාව හොයා ගන්නෙ කොහොමද කියලා ඔබ දන්නවා: කෝලි

දිනමිණ

ජගත් මලල ක්‍රීඩා දිවීමේ ධාවන පථයේ දශකයකට ආසන්න කාලයක් සිය ආධිපත්‍යය පැතිර වීමෙන් පසුව ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

කීර්තිමත් පුද්ගලයන් බොහෝ දෙනෙකුද ඇතුළු බෝල්ට්ගේ දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් මේ සමුගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් බෝල්ට් ට සුභ පතද්දී ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කෝලි ද ඊට එක් වෙමින් අවසන් තරගය හා බෝල්ට්ගේ අනාගත උත්සාහයන්ට සුභ පතමින් වීඩියෝ පණිවිඩයක් යවා තිබේ.

බෝල්ට්  ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ පළමු ආදරය බවත් එය තමාගේ ළමා වියේ ලොකු කොටසක් බවත් බෝල්ට් මෑතකදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

බෝල්ට් 2014 වසරේදී ප්‍රථම වතාවට ඉන්දියාවේ කළ සංචාරය අතරතුරදී ඔහු යුව්රාජ් සිං ට එරෙහිව ප්‍රදර්ශන ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇති අතර හයේ පහර පහක් එල්ල කරමින් පන්දු 19කින් ලකුණු 45ක් ලබා ගෙන තිබේ.

වීඩියෝ පණිවිඩයෙන් කෝලි මෙසේ කියා තිබේ. “යුසේන්! මෙය ඔබේ අන්තිම තරගය කියලා මම දන්නවා. ධාවන පථයේ ඔබ නැති අඩුපාඩුව අපට ලොකුවට දැනේවි. මේ තරගයට හා ඔබේ අනාගත උත්සාහයන්ට මමත් ‘පූමා‘ පවුලේ සියළු දෙනාත් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඔබට කවදා හරි ක්‍රිකට් ගහන්න ඕන වුනොත් මාව හොයා ගන්න පුළුවන් කොහොමද කියලා ඔබ දන්නවා.”

DGTFRJGVoAAlbfd.jpg

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s