ඉන්දියාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින තරග මාලාව හෙටින් ඇරඹෙයි

උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක ආරම්භක තරගය සඳහා හෙට (ඉරිදා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙයි.

හෙටින් ඇරඹෙන එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ ඉන්දියානු කණ්ඩායම හමුවේ මෙරටදී ටෙස්ට් තරගාවලියකදී ලැබූ අමිහිරිම පරාජයක මතකයන් ද රැගෙනයි.

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 304ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 53කින්ද, තෙවැනි තරගය ඉනිමක් හා ලකුණු 171කින්ද පරාජය විය.

“සෑම කණ්ඩායමකටම නරක කාලයක් උදා වෙනවා. කොතරම් දක්ෂ කණ්ඩායමක් හෝ රටකට වුනත්, මෙවැනි නරක දසාවක් විටින් විට එනවා. ශ්‍රී ලංකාව අවුරුදු 18ක්ම තුන් ආකාරයේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටියා. අපි දැන් නරක කාලයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඒක අමතක කරන්න එපා” යැයි උපුල් තරංග පවසයි.

“සුදු පැහැති පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සැමවිටම ශක්තිමත්. අපි ශක්තිමත්ව ඉදිරියට ඇවිත් ඉන්දියාව පරාජය කරාවි කියා මට විශ්වාසයි. අපට හැකියාවත් දක්ෂතාවත් තියෙනවා. අපි ඉතාමත් වෙහෙසකාරීව පුහුණු වී සිටිනවා. අපට දැන් අවශ්‍යව තිබෙන්නේ ජීවයයි. ඒකට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගයත් ඕන.”

එක්දින තරගමාලාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා හා මිලින්ද සිරිවර්ධන කැඳවා තිබේ. ඊට අමතරව, වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර හා වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ද සංචිතයට ඇතුළත් සිටිති.

ශ්‍රී ලංකා සංචිතය: උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු.

ඉන්දියා සංචිතය: විරාට් කෝලි (නායක), ෂිකර් ධවාන්, රෝහිත් ෂර්මා (උපනායක), කේ.එල්.රාහුල්, මනිෂ් පාන්ඩෙ, අජින්කියා රහානි, කෙඩාර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි (කඩුලු රකින්නා), හර්ඩික් පාන්ඩියා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදව්, යුස්වෙන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් බුම්රා, භුව්නෙෂ්වාර් කුමාර්, ෂර්දුර් තකූර්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s