ඉර්මා ෆ්ලොරිඩාව විනාශ කිරීමට සැරසෙයි

BBC
‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර ඉදිරියේ සිය භූමියේ පනස් හය ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.
එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දකුණු තීරයේ සහ ප්‍රාන්ත අභ්‍යන්තරයේ ශක්තිමත් නොවන නිවාස වල ජීවත් වෙන මහජනතාවටත් ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානවලට ගමන් කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී ඇත.
හෙට ඉරිදා (සැප්තැම්බර් 10) උදෑසන ‘ඉර්මා’ ෆ්ලොරිඩාවට පහර දෙනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කුණාටු උවදුරු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජනපද ‘හරිකේන්’ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් ‘ඉර්මා’ ගමන් ගන්නා මාර්ගයෙන් ඉවත් නොවී හිඳිමින් ඊට ගොදුරු වන ඕනෑම ජීවියෙක් මරණයට පත්වීමේ බිහිසුණු තත්වයක් පවතින බවට අනතුරු ඇඟවීමක් කළේය.
කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ප්‍රභේදයට (CATEGORY 5) ඇතුළත් කරනු ලැබ ඇති ‘ඉර්මා’ කුණාටුව හමා යමින් පවතින්නේ පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයකිනි.
ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පවතින බව ෆ්ලොරිඩා වාර්තා මගින් පැවසෙයි.
‘ඉර්මා’ දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s