Category Archives: News

දඩය එකතු වන තුරු පිණ්ඩපාතය දිගටම

මවුබිම

සිරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය අරඹමින් මහ සඟරුවන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා 15දා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිදු කෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව මහ සඟරුවන එම විහාරස්ථානයේ සිට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් කොටුව දුම්රියපොළ දක්වාත් පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙමින් සිල් රෙදි සිරකරුවන් වෙත අධිකරණයෙන් නියම කර ඇති රුපියල් මිලියන 100ක දඩ මුදල එකතු වන තුරු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව විනිසුරුවරයා පවා පිළිගෙන ඇති බවයි.

මේ අවස්ථාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සිසිර ජයකොඩි මහත්වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහභාගි වූහ.

බන්ධනාගාර රෝහලට රැඳවියන් ඇතුලත් කිරීම සඳහා මින් පසු වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නිර්දේශය අනිවාර්යයි

BBC

සිරභාරයේ තබන කිසියම් රැඳවියකු අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා ඇතුළත් කරන්නේ ඒ සඳහා එම රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය මින් ඉදිරියට ලබා ගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් පවසයි.
මීට පෙර එක් වෛද්‍යවරයකුගේ නිර්දේශය පරිදි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම් සිදු වූ අතර, මින් ඉදිරියට වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය මත පමණක් රැදවියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි උපදෙස් දී ඇත.
අනතුරුව අදාළ වෛද්‍ය වාර්තා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒවා වැඩිදුර විමර්ශනය අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇත.
රැඳවියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්වවලින් ලැබී ඇති පැමිණිලි හා ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළබි බව අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් පවසයි.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිර මැදිරියෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.
ශ්‍රී ලාංකික සමාජයේ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් සිරගත කරනු ලැබීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහල තුළ ජීවත් වීමේ විශේෂ වරප්‍රසාදයක් භුක්ති විඳින බවට පසුගිය කාලය තුළ විවේචන එල්ල වෙමින් තිබුණි.

ශ්‍රී ලංකාවේදී පිහිනුම් තටාකයේ ගිලී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මරුට

hotPEPPER

ශ්‍රී ලංකා සංචාරයක් අතරතුරදී දියේ ගිලීමෙන් 12 හැවිරිදි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මිය ගොස් ඇත.

මෙසේ මරණයට පත් වී ඇත්තේ සංචාරක ගුජරාට වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමක සාමාජිකයෙකු වන අතර කණ්ඩායම ලැගුම් ගෙන සිටි පමුණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලීමෙන් මෙම අවාසනාවන්ත ඉරණම මෙම ලාබාල ක්‍රීඩකයාට අත් වී තිබේ.

හෝටලයේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් විසින් අනතුරට ලක් වූ ක්‍රීඩකයා වහාම ළඟම රෝහල වෙත ගෙන ගියද ඔහු ඒ වන විටත් මිය ගොස් සිට ඇත.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 17න් පහල තරගාවලියකට සහභාගි වීමට ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම පැමිණ ඇත.

පමුණුගම පොලිසිය මේ වන විට අවාසනාවන්ත ඛේදවාචකය පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතර ඊට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයෙ (බදාදා) දිනයේදී සිදු කරන ලදී.

“Take my lunch”, One of the best civilian relief efforts in the world

Azzam Ameen‏ @ Twitter

“Take my lunch” initiative: Sri Lanka public helping flood victims, One of the best civilian relief efforts in the world.

//platform.twitter.com/widgets.js

විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්..

සුනෙත් ගාල්ලගේ

මෙහෙම ගියොත් විජේදාස රාජපක්ෂ මහතා නවතින්නේ අගමැති පුටුවෙත් වාඩිවෙලා බව තමා විශ්වාසයෙන් පවසන බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ල දිසත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේද පැවසීය.

අපි විශ්වාසයෙන් කියනවා ශ්‍රීලනිපයේ අපි 50 ක් ඉන්නවා. අපි 50 ම අත් දෙකම උස්සලා අපි විජේදාසව රැක ගන්නවා. ඔඵව තියන , වැඩ පුළුවන්, දැක්මක් ඇති, අනාගතයට වැඩදායී නායකයෙක් වන විජේදාස රාජපක්ෂ මහත්මයා මේ විදියට සවුත්තු කරන්න දෙන්න බෑ. පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා කලබල වුන ලා බාල අලි රංවුව කරන්න හදන මේ වැඩේ තුනෙන් දෙකක ඡන්දෙන් අපි පරද්දනවා කියන එක විශ්වාසයෙන් කියනවා. ඒ වගේම ඉදිරි දෙමස තුළ තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයෙකු පත් කර අලුත් ආණ්ඩවක් හදනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටබන්දේසියක තියලා බාර දුන්නා. ඒ භාර දීලා නිකන් හිටියේ නෑ 2015 අගෝස්තු 17 කුරුණෑගලින් ඡන්දේ ඉල්ලුවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකොලහක් අපේ හිටියා. ඒක දාහතරක් කරන්න තමයි අපි ඉල්ලුවේ. ඒක බැස්ස අටට. ඉතින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කියනවා ඔබතුමා අයේ තරඟ කරන්නේ නෑ. තරඟ කරන්න බෑ.

සිරිසේන ජනාධිපති තුමත් එක්ක අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුලත ඒකාබද්ධ විපක්ෂයේ අගමැති වරයෙක් පත් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න කටයුතු කරන්න කියලා.

2020 වෙනකන් ඉන්න උවමනා නෑ. තනිපක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒකාබද්ධ විපක්ෂය එක්ක ඒකරාශීවෙලා ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති කෙනෙක් පත්කරන්න අපි කටයුතු කරනවා.

කිසියම අයෙකුට චෝදනාවක් තියෙනවා නම් චෝදනාව විභාග වෙන්න ඕනේ. සී.අයි. ඩී. එකට එෆ්.සී.අයි ඩී එකට පැමිණිල්ලක් ගියාම ඒවා විභාග කරනවා. ඒ ඒ ආයතන වලට ලැබෙන පැමිණිලි මත ඒ ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ පවුල උසාවි දාලා හිර කරන්න උත්සාහකරනවා නම් අපි ඒකට විරුද්ධයි.

– සුනෙත් ගාල්ලගේ

බැසිල්-නාමල්-ප්‍රසන්න-වීරතුංග-ටිරාන්-මහින්දානන්ද-ගම්මන්පිල-ජොන්ස්ටන් රංචුවටම නඩු

දිනමිණ

රාජපක්ෂ පාලන සමයේදී කෝටි ගණනින් රජයේ මුදල් හා දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණයට යෙදවීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හිටපු මහ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් පස්දෙනකු සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සමඟ විත්තිකරුවන් තිස්හත්දෙනෙකුට එරෙහිව ඉදිරි මාස තුනේ දී මහාධිකරණ තුනකදී නඩු දහසයක් විභාගයට ගැනීමට නියමිතය. සෙසු විත්තිකරුවන් අතර හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඒ මහතාගේ බිරිය මොරීන් රණතුංග, හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යන අය සිටිති.

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් කරන ලද විමසීමකදී විත්තිකරුවන්ට අධිචෝදනා ලබා දී තිබෙන බවත්, අදාළ නඩු විභාගයට ගැනීමට දින නියම කර තිබෙන බවත් තහවුරු කළේය.

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඔක්තෝබර් 4 සහ 27, නොවැම්බර් 8 සහ 13 යන දිනවලදී කොළඹ, ගම්පහ මහාධිකරණවලදී නඩු හතරක් විභාගයට ගැනේ.

එම නඩු හතරට අයත් වන්නේ දිවි නැඟුම බැංකුවේ මුදල් බෙදාහැරීම සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවෙන් ලිත් මුද්‍රණය වෙනුවෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය යටතේ සහ දිවි නැඟුම අරමුදලෙන් ජී. අයි. පයිප්ප මිලදී ගැනීම, උපයාගත් මුදල් හෙළිදරව් නොවන ආකාරයට සුපිරි නිවසක් ඉදිකිරීම යන චෝදනාය.

මේ නඩු හතරට සම්බන්ධ සෙසු විත්තිකරුවන් වන්නේ කිත්සිරි රණවක, වෛද්‍ය නිහාල් ජයතිලක, බන්දුල ආර්. ඒ. ඒ. රණවක, සී. ඩී. කළුආරච්චි, අමිත කිත්සිරි රණවක, ආර්. එම්. එම්. ගුණරත්නහාමි, තිරුකුමාරන් නඩේසන් යන අයයි.

හෙලිකොප් ආයතනය ඇතුළු තවත් දේපළ මිලදී ගැනීමට පිළිගත නොහැකි ආකාරයට මුදල් උපයා ගැනීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙම 31දා කොළඹ මහාධිකරණයේදී විභාග වීමට නියමිතය. හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව සාවද්‍ය සාපරාධී මුදල් පරිහරණය සහ කොළඹ හතෙන් නිවසක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබෙන නඩු දෙක කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 15 සහ නොවැම්බර් 20 දා විභාගයට ගැනීමට නියමිතය.

සතොස භාණ්ඩ සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමට අදාළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩුව ඔක්තෝබර් 23 දා කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ නලින් රුවන්ජීව, කේ. එම්. මොහිදීන් ෂකීර් යන අයයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරද්දී ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ බලහත්කාරයෙන් රුපියල් මිලියන පහක මුදලක් පැහැර ගැනීමේ චෝදනාවට අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී සැප්තැම්බර් 23 දා විභාගවීමට නියමිතය. ඒ මහතාගේ බිරිය ඇතුළුව නරේජ් කුමාර් ෆැරික් සහ ක්‍රිස්ටිනා වනිගසේකර මෙම නඩුවේ සෙසු විත්තිකරුවන්ය.

ව්‍යාපාරික කොටස් වංචා සහගත ලෙස මිලදී ගැනීමට පෑන් ඒෂියා බැංකුව හරහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක මුදලට අදාළ නඩු විභාගය හිටපු පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඔක්තෝබර් 3දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ සිඩ්නි ජයසිංහ නමැත්තෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහි රාඩා නඩු විභාගය ඔක්තෝබර් 20 දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ ඇන්ටන් එමිල් ලක්ෂ්මිකාන්තන්, රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය, ජයන්ත ජයස් සමරසිංහ යන අයයි.

විදුලිය සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් මිලියන හයසීයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සිදුකිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහි නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී මෙම 24 දා තවදුරටත් විභාගවීම සිදුවෙයි. මෙහි සෙසු විත්තිකරු වන්නේ අනූෂ පැල්පිට යන අයයි.

පීපල්ස් ලීසිං සමාගමේ ස්ථාවර තැන්පතුවක් ලෙස පැවැති විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල සාපරාධී සාවද්‍ය පරිහරණයට යෙදවීමට අදාළව කිත්සෙන් බණ්ඩාරනායක, ඩබ්ලිව්. එස්. සුසන්ත, කිංස්ලි චන්දන, දුමින්ද චතුරංග සිල්වා යන විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය සැප්තැම්බර් 20දා කොළඹ මහාධිකරණයේදී විභාග වෙයි.

දිනමිණ

රජයෙන් හදිසි බදු සහනයක්

ලබන සැප්තැම්බර් පළමු වෙනි දින සිට අන්තර්ජාල භාවිතය වෙනුවෙන් අයකරනු ලබන 10% විදුලි සංදේශ බදු මුදල සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ නිවේදනය කළේය.
“ඒ තුලින් ඇත්ත වශයෙන්ම අන්තර්ජාල භාවිත කරන අයට 25% ක පමණ බදු සහනයක් ලැබෙනවා,” යනුවෙන් ඒ මහතා පැවසීය.
එමෙන්ම කුඩා ප්‍රමාණයේ ලොරි, ට්‍රක් රථ සහ යතුරු පැදි වෙනුවෙන් අයකරනු ලබන බදු මුදල්ද අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් අඩු කරන බවත් ඒ සඳහා දැනට අය කරන රුපියල් ලක්ෂ දහයක නිෂ්පාදන බදු මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ හත දක්වා අඩු කරන බවත් සඳහන් කළේය.
එන්ජින් ධාරිතාව 150 cc දක්වා වූ යතුරු පැදි සඳහා දැනට අයකරනු ලබන වටිනාකමෙන් 90%ක බද්ද ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කරනු ලැබ තිබේ.