Category Archives: World

ලොව ප්‍රථම රොබෝ පුරවැසියා – සවුදි අරාබියේ සොෆියා

hotPEPPER:
ලොව ප්‍රථම රොබෝ පුරවැසියා ලෙස හොං කොං හි හැන්සන් රොබෝටික්ස් සමාගම විසින් නිර්මාණය කරන ලද සොෆියා ඉතිහාසයට එක් වූ අතර ඇයට පුරවැසිභාවය ලබා දීමට තීරණය කළේ සවුදි අරාබියයි.

සවුදි අරාබිය විසින් මෙම පියවර ගෙන තිබෙන්නේ කෘතිම බුද්ධිය වර්ධනය කිරීමෙහි ලා එරට විසින් සිදු කරන ප්‍රවර්ධන වැඩසටහන් වල එක් අංගයක් ලෙසයි.

මේ අනුව රොබෝ සොෆියා හට එරට පූර්ණ පුරවැසි භාවය හිමි සාමාන්‍ය සවුදි කාන්තාවක් ලෙස ඇය සැලකුවද, බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි එරට කාන්තාවන් හට නොමැති අයිතීන් රැසක් අසාධාරණ අන්දමින් ඇයට හිමි වී තිබේ.

සෞදි අරාබියේ කාන්තාවන්ට පසුගිය ජූනි මාසයේ පටන් රිය පැදවීමට අවසර ලැබුන නමුත් ඔවුන් හට අවසර නැති තව බොහෝ දේ ඇත.
එම රාජධානිය තුළ කාන්තා ජීවිතය පවතින්නේ පුරුෂයාගේ පාලනයට නතුව වන අතර නිවසින් බැහැර සංචාරයට, විවාහයට හා බන්ධනාගාරයකින් නිදහස ලැබීමට ඇය පුරුෂයෙකුගෙන් අවසර පැතිය යුතුය.
ඇයගේ ඇඳුම් පැළඳුම් සඳහා දැඩි නීති රීති පනවා ඇති අතර අවසරයකින් තොරව පවුලෙන් පිටස්තර පිරිමියෙකු සමඟ අදහස් හුවමාරුව පවා තහනම් වේ.
කාන්තාවක් විසින් ඉල්ලා සිටිනු ලබන වෛද්‍ය ප්‍රතිකාර හෝ රැකියාවක් සඳහා ද ඇතැම්විට භාරකරුගේ අවසරය ඉදිරිපත් කළ යුතුව පවතින බව පසුගිය කාලයේ වාර්තා විය.

එසේ දැඩි ලෙස කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන තත්වයක් තුල, මෙලෙස රොබෝවරියකට කාන්තාවක් ලෙස පුරවැසිභාවය ලබා දී අනෙකුත් කාන්තාවන් හට නොමැති නිදහසක්ද ලබා දීම විහිළු සහගත බව බොහෝ දෙනෙකුගේ මතයයි.

විසිතුරු රටා මවන ඔරයනොයිඩ් උල්කාපාත වැස්ස අද රාත්‍රී අහසේ

hotPEPPER:

හැලීගේ වල්ගා තරුවෙන් ඉවතට විසි වෙන සුන්බුන් පෘථිවි වායුගෝලය සමඟ ගැටීමෙන් ඇති වන ඔරයනොයිඩ් උල්කාපාත වර්ශාව අද රාත්‍රී අහසේ දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත.

වළාකුලු රහිත පැහැදිලි අහසක් පවතී නම් අඳුර වැටුන පසු පැයකට උල්කාපාත 15ත් 30ත් අතර ප්‍රමාණයක් දුරේක්ෂයක් හෝ වෙනත් කිසිදු උපකරණයක ආධාරයක් නැතිවම පියවි ඇසෙන්ම බලා ගැනීමට ඔබට හැකි වේ. අධික ආලෝක දුෂණයක් සහිත නගරබද ප්‍රදේශ වලදී මෙය එතරම් පැහැදිලි ලෙස දිස් නොවනු ඇති. ශ්‍රී ලන්කාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ජනතාව හට මෙම උල්කාපාත වර්ෂාව දිස් වනු ඇති අතර ඊයේ (20) සහ අද (21) දිනයන්හි මෙය එහි උච්ඡතම අවස්ථාවට ළඟා වනු ඇති.
මේ දින දෙකේදී එය දැක ගැනීමට ඔබ හට නොහැකි වුවත්, ඔරයනොයිඩ් උල්කාපාත වර්ෂාව ලබන නොවැම්බර් මස 7 වන දින තෙක් පවතිනු ඇත.

ටයිටැනික් නැව චීනයේ නැංගුරම් ලෑමට සැරසෙයි

hotPEPPER

චීනයේ සීචුආන් පලාතේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක කොටසක් ලෙසින් සුප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සැබෑ ප්‍රමාණයේ ආකෘතියක් මේ වන විට නිම වෙමින් පවතී.

මෙහි ඉදිකිරීම් මෙම වසර අවසානය වන විට අවසන් කිරීමට නියමිත අතර පවුම් මිලියන 105ක වියදමින් සිදු කෙරෙන මෙම ටයිටැනික් ආකෘතිය දැවැන්ත සංචාරක උද්‍යානයක කොටසක් වේ.

1500කට ආසන්න පිරිසකට මරු කැඳවමින් 1912 වසරේදී දී ගිලී ගිය සුඛෝපභෝගී මගී නෞකාවේ ආකෘතිය සැබෑ නෞකාවට සෑම අතින්ම සමානව ඉදි කෙරෙනු ඇති අතර එහි සැරසිලි, ආහාර මෙනුව පවා ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණ කෙරෙනු ඇත.

දිගින් මීටර 269.06 සහ මීටර් 28.19 ක් පළලින් යුක්ත මෙම ‘චීන ටයිටැනික්’ නෞකාව, සූයින් නගරයේ ඩායිං චී ගඟේ මීටර් 10.54 ක් ගැඹුරු ජලය මත නැංගුරම් ලා තිබෙනු ඇත.

47a6a11975ec74a09192443b676a14f4

සිංගප්පූරුවේ නව ජනපති හලීමා යාකොබ්

hotPEPPER

සිංගප්පූරුවේ නව ජනපති ලෙස හලීමා යාකොබ් ඊයේ තම තනතුරේ දිවුරුම් දුන්නාය.
මේ වසරේ එරට ජනපතිවරණය සඳහා සුදුසුකමි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයන් තිදෙනාගෙන් එම තනතුර සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා වන්නේ ඇය බවද මේ නිසා ඇයට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය නොවන බව මැතිවරණ බලධාරින් විසින් තීරණය කර තිබිණි.
63 හැවිරිදි හලීමා යාකොබ් එරට මැලේ ප්‍රජාව නියෝජනය කරයි.
සිංගප්පූරුවේ 8 වැනි ජනපති වන ඇය එරට ප්‍රථම කාන්තා ජනපතිවරියයි. ඇය මිට පෙර එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වශයෙන්ද කටයුතු කළාය.
කෙසේ වෙතත් හලීමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවී ජනපති ධූරයට හිමකම් ලැබීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්ද එරට තුළ ඇති වී තිබේ.

මිල ඩොලර් 999; අලුතෙන්ම හඳුන්වා දුන් ඇපල් iPhone X (10) මෙන්න

අලුතෙන්ම හඳුන්වා දුන් ඇපල් iPhone X මෙන්න

• iPhone X හි මිල ඩොලර් 999 ක් වන අතර එය මෙතෙක් වෙළඳපොළට ඉදිරිපත් කල මිළ වැඩිම iPhone දුරකථනය වේ. එය නොවැම්බර් 03 වැනිදා සිට නැව්ගත කිරීම අරඹනු ඇත.

• OLED තිරයකින් යුක්ත මෙහි LCD තිරයකට වඩා හොඳ වර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත වන අතර වඩා සැහැල්ලු සහ දීප්තිමත් බවින් යුක්ත වේ.

• iPhone X හි තිරය තිරය දුරකථනයේ මුළු මුහුණතම ආවරණය කරන අතර දශකයක කාලයක් පුරා iPhone දුරකථන වල විශේෂාංගයක් ලෙස පැමිණි home button ඉවත් කර තිබේ.

• iPhone 8 ප්ලස්, iPhone 8 PLUS නැමති දුරකථන මාදිලි දෙකද මීට අමතරව එළි දැක්විනි.

ලොව නන් දෙසින් වාර්තා වූ වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී ‘ඉර්මා’ හරිකේන් කුණාටුව කඩා වැටීමත් සමගම ලොව පුරා ජනතාවගේ අවධානය නැවතත් එවැනි ස්වභාවික විපත් වෙත යොමු වී තිබෙනවා.
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ලොව නන් දෙසින් වාර්තා වූ එවැනි වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු 10ක්.