Category Archives: World

‘ඉර්මා’ ෆ්ලොරිඩාව වනසයි

hotPEPPER

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී කඩා වැදුණු ‘ඉර්මා’ හරිකේන් කුණාටුව නිසා මේ වන විටත් ජීවිත හානි 27ක් සිදු වී ඇත් අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 200 (රුපියල් බිලියන 30,600) කට වැඩි අලාභ හානි සිදු වී ඇති බවට අනුමාන කරන බව විදෙස් වාර්තා පවසයි. මේ හේතුවෙන් ඇතැම් ස්ථාන වල මහා මාර්ග අඩි 15 කට වඩා ජලයෙන් යට වී ඇති බවද වාර්තා විණි. ඉතා කලාතුරකින් ඇත්වන සංසිද්ධියක් හේතුවෙන් ‘ඉර්මා’ හරිකේන් කුණාටුව පැමිණීමත් සමඟ සෙනසුරාදා දිනයේ බහමාස් හි ඇතැම් වෙරළ තීර වල මුහුදු ජලය සිඳී ගිය බවක් දිස් වූ බවද වාර්තා විණි.

ඊයේ දිනයේ දහවල් වන විටත් මියාමි නගරයේ කොටස් ජලයෙන් යටවී තිබූ අතර පැයට කිලෝමීටර 209 ක වේගයෙන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කීස් වෙතින් ඈත් වී බටහිර වෙරළ තීරයට ඇතුළු වීමට නියමිත බව සඳහන් කෙරිණි.

‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර හේතුවෙන් ලක්ෂ 63 කට වැඩි පිරිසක් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.

එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.

ඉර්මා ෆ්ලොරිඩාව විනාශ කිරීමට සැරසෙයි

BBC
‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර ඉදිරියේ සිය භූමියේ පනස් හය ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.
එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දකුණු තීරයේ සහ ප්‍රාන්ත අභ්‍යන්තරයේ ශක්තිමත් නොවන නිවාස වල ජීවත් වෙන මහජනතාවටත් ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානවලට ගමන් කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී ඇත.
හෙට ඉරිදා (සැප්තැම්බර් 10) උදෑසන ‘ඉර්මා’ ෆ්ලොරිඩාවට පහර දෙනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කුණාටු උවදුරු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජනපද ‘හරිකේන්’ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් ‘ඉර්මා’ ගමන් ගන්නා මාර්ගයෙන් ඉවත් නොවී හිඳිමින් ඊට ගොදුරු වන ඕනෑම ජීවියෙක් මරණයට පත්වීමේ බිහිසුණු තත්වයක් පවතින බවට අනතුරු ඇඟවීමක් කළේය.
කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ප්‍රභේදයට (CATEGORY 5) ඇතුළත් කරනු ලැබ ඇති ‘ඉර්මා’ කුණාටුව හමා යමින් පවතින්නේ පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයකිනි.
ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පවතින බව ෆ්ලොරිඩා වාර්තා මගින් පැවසෙයි.
‘ඉර්මා’ දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.

උතුරු කොරියාව සතුව හයිඩ්‍රජන් බෝම්බ, මහත් විනාශයක් අත ළඟ

hotPEPPER

පසුගියදා සාගරයේ දී සිය බලගතු න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදු කළ උතුරු කොරියාව, ඊයේ (02 දා) දිනයේ දී ඔවුන් සතුව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල වලට වඩා ඉතා බලගතු හයිඩ්‍රජන් බෝම්බයක් ඇති බව අනාවරණය කළේය.

අසල්වැසි ජපාන බලධාරීන් ඊයේ දිනයේදී අනාවරණය කළේ, උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කල න්‍යෂ්ඨික අත්හදා බැලීම හේතුවෙන් ඇති වූ කම්පන තරංග, මීට වසරකට පෙර ප්යොංග්යැංග් පාලකයින් විසින් සිදු කල පරීක්ෂණයට වඩා 10 ගුණයකින් බලවත් බවයි.

මෙම නවතම බෝම්බයේ ප්‍රමාණය තවමත් තහවුරු කර නොමැති වුවද, එම ප්‍රකාශය සත්‍ය නම්, උතුරු කොරියාව විසින් මීට පෙරද අනතුරු අඟවා ඇති පරිදි එක්සත් ජනපද භූමියට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීම මෙමගින් පහසුවෙන්ම කල හැකි වේ.

මේ වන විට ප්යොංග්යැංග් පාලකයින් විසින් සිය බැලස්ටික් මිසයිල පද්ධති වැඩි වැඩියෙන් අත්හදා බලමින් සිටින අතර, ඒ හෙතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන් අතර වාචික තර්ජන හුවමාරුවක්ද සිදු වෙමින් පවතී.

තමන් විසින් එක්සත් ජනපද භූමිය කරා ළඟා විය හැකි මිසයිල සංවර්ධනය කර ඇති බව උතුරු කොරියාව පවසන අතර ඇතැම් විද්වතුන් පවසන්නේ එය සත්‍යයයක් බවයි. එනම් මෙම තත්වය ඉතා ඉක්මනින් විසඳා ගැනීමට දෙපාර්ශවය අපොහොසත් වන්නේ නම් ඉතා නුදුරේදීම මහත් විනාශකාරී ප්‍රතිඵල අත් විඳීමට මුළු මහත් ලෝක වාසීන්ටම සිදු වන බව විද්වතුන්ගේ මතයයි.

අනපේක්ෂිත වර්ෂාවත් සමග කාන්තාරයේ මල් පිපිලා

hotPEPPER

දකුණු ඇමරිකාවේ චිලී රටෙහි පිහිටි ලොව ඉතාම වියලි කාන්තාරයක් වන ඇතකාමා කාන්තාරයේ සමහර ප්‍රදේශ වල, මේ දිනවල පතිත වූ වර්ශාවත් සමග ඉතා විශාල වශයෙන් මල් පිපීමට පටන් ගෙන තිබේ.

“Desierto Florido” (Flowering Desert), නමින් හඳින්වන මෙම විශේෂ සංසිද්ධිය සාමාන්‍යයෙන් වසර පහකට හෝ හතකට පමණ වරක් ඇති වන්නකි.

නමුත් මෙවර මෙලෙස මල් පිපීමට පටන් ගෙන ඇත්තේ 2015 දී ද වර්ණවත් මල් පිපීමෙන් පසු වසර දෙකක් වැනි කෙටි කලකට පසුවයි.

මේ හේතුවෙන් මල් වර්ණවත් මල් හට ගන්නා ශාක විශේෂ 200 කට වැඩි සංඛ්‍යාවක් ඇතකාමා කාන්තාරය තුළ වර්ධනය වී ඇත.

මෙම අපූරු සංසිද්ධිය නැරඹීමට සංචාරකයන් සහ උද්භිද විද්‍යඥයින් ඉතා දුර බැහැර සිට පවා පැමිණෙන බව වාර්තා වේ.
විවිධ ශාක ප්‍රභේද ප්‍රරෝහණය වීමෙන් පසු ඉදිරි සති කිහිපය තුළ ද මල් තවත් වැඩියෙන් පිපෙනු ඇතැයි චිලී සංචාරක නිලධාරීහු අපේක්ෂා කරති.

ඊයේ මහ දවල් ඇමරිකාවට රෑ වුන හැටි.. (වීඩියෝ සහිතයි)

 

වසර 38ක් තුල ඇමෙරිකාවේ පහලම ප්‍රාන්ත 48 කට දිස් වූ පළමු පූර්ණ සූර්යග්‍රහණය ඊයේ දිනයේදී දැක බලා ගැනීමට මිලියන ගණනක් වූ ජනකායක් රැස්ව සිටියහ.

ඔවුන් හට එය දිස් වූ අයුරු නාසා ආයතනය විසින් කැමරාවල ග්‍රහණය කර ගත්තේ මේ අයුරිනි

 

බාර්සිලෝනා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රහාරයකින් මරුට

 

බාර්සිලෝනා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන මූසා ඕකබීර්, ඊට නුදුරු කම්බ්‍රිල්ස් ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් මරණයට පත් වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට බ්‍රහස්පතින්දා රාත්‍රියේ පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබීය.

අනතුරුව ඊට නුදුරු කම්බ්‍රිල්ස් ප්‍රදේශයේ එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වූ බවද එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් යයි සැක කෙරෙන පස් දෙනෙකු මරා දැමූ බවත් ස්පාඤ්ඤ පොලිසිය මීට පෙර සඳහන් කළේය.

මූසා ඔකබීර්, වයස 17ක් වූ ස්පාඤ්ඤ ජාතික පුරවැසියෙකු වන අතර අනෙකුත් සැකකරුවන් බොහෝ දෙනෙක් මොරොක්කෝ ජාතිකයන් බව මේ වන විට අනාවරණය වී තිබේ.

සියෙරාලියෝන් හි නාය යෑමෙන් 600ක් අතුරුදහන්

DHXOk_1UMAA8wor.jpg
සියෙරාලියෝනයේ ‘ෆ්‍රී ටවුන්’ අගනුවරින් කොටසක් විනාශ කෙරුණ ගංවතුරින් සහ මඩ නාය යාමෙන් මේවනවිට අතුරුදහන් ජන සංඛ්‍යාව හයසීයක් පමණ වෙතැයි ජනාධිපති ප්‍රකාශකයෙක් BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

ගංවතුරින් සහ මඩ නාය යාමෙන් සමස්ත ප්‍රජාව විපතට පත් බව ඉන්පෙර ප්‍රකාශ කළ සියෙරාලියෝන් ජනාධිපති අර්නස්ට් බයි කොරෝමා, හදිසි ආධාර සපයන මෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණි.

විපතට ගොදුරු වූවන් හාරසීයකට ආසන්න මළසිරුරු සංඛ්‍යාවක් සුසාන භූමි හතරක මිහිදන් කිරීමට නියමිතව තිබිණි.