Category Archives: World

යුරෝපයෙන් එන බිත්තර කන්නේ බලාගෙනයි

යුරෝපා කොමිසමට අයත් රටවල් 15 කින් මෙන්ම හොංකොං සහ ස්විට්සර්ලන්තයෙන් ද අපනයනය කරන කුකුළු බිත්තර කෘමි නාශක විශේෂයකින් දූෂිත වී ඇති බව එම සංගමය ඊයේ නිවේදනය කරන ලදී.

මේ අනුව යුරෝපීය සංගමය පවසන්නේ ආහාර කර්මාන්තය සඳහා තහනම් කර ඇති, සතුන් සහ කුරුල්ලා මරා දැමීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් වන ෆිප්‍රොනිල් මෙම බිත්තර වල අඩංගු බවයි.

මෙම බිත්තර ආහාරයට ගැනීමෙන් වකුගඩු, අක්මාව හා තයිරොයිඩ් ග්‍රන්ථි වලට හානි සිදු විය හැකි අතර මේ හේතුවෙන් රටවල් කිහිපයකම කුකුළු ගොවිපළවල් මේ වන විටත් වසා දමා තිබේ.

මෙම උවදුරට ලක් වී ඇති යුරෝපා කොමිසමට අයත් රටවල් වන්නේ බ්‍රිතාන්‍ය, ස්වීඩනය, ඕස්ට්‍රියාව, අයර්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, පෝලන්තය, රුමේනියාව, ස්ලෝවේනියාව, ස්ලෝවේකියාව සහ ඩෙන්මාර්කයයි.

කාන්තාවක බසයක් ඉදිරිපිටට තල්ලු කල පුද්ගලයකු සොයා පොලිස් මෙහෙයුම්


බටහිර ලන්ඩනයේ පුට්නී පාලම මතින් ව්‍යායාම සඳහා දිව යමින් සිටි පුද්ගලයෙකු පාලම මතින් ඇවිද ගිය කාන්තාවක බස් රථයක් ඉදිරිපසින් තල්ලු කළ අයුරු දැක්වෙන වීඩියෝවක් අද දිනයේ බොහෝ කතාබහට ලක් විය. කාන්තාව මේ හේතුවෙන් සිළු තුවාල ලබා ඇති අතර බස් රථයේ රියැදුරුගේ ක්ෂණික ප්‍රතිචාරය හේතුවෙන් ඇයගේ දිවි ගැළවෙන අයුරු CCTV වීඩියෝ පටයේ සටහන්ව තිබේ.
නිලධාරීන්ට අනුව මෙම පුද්ගලයා 15 කට පමණ පසු නැවතත් පාලම හරහා අනෙක් පැත්තට දිව යන අතර තුර ඇය ඔහු හට කතා කිරීමට උත්සාහ කළ නමුත්, ඔහු එය කොතකා දිව ගොස් ඇති බවයි. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීඑම සඳහා මේ වන විට පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.