දඩය එකතු වන තුරු පිණ්ඩපාතය දිගටම

මවුබිම

සිරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම වූ දඩ මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය අරඹමින් මහ සඟරුවන කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට කොටුව දුම්රියපොළ දක්වා 15දා පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ.

කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිදු කෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව මහ සඟරුවන එම විහාරස්ථානයේ සිට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් කොටුව දුම්රියපොළ දක්වාත් පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙමින් සිල් රෙදි සිරකරුවන් වෙත අධිකරණයෙන් නියම කර ඇති රුපියල් මිලියන 100ක දඩ මුදල එකතු වන තුරු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නොමැති බව විනිසුරුවරයා පවා පිළිගෙන ඇති බවයි.

මේ අවස්ථාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සිසිර ජයකොඩි මහත්වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහභාගි වූහ.

සිංගප්පූරුවේ නව ජනපති හලීමා යාකොබ්

hotPEPPER

සිංගප්පූරුවේ නව ජනපති ලෙස හලීමා යාකොබ් ඊයේ තම තනතුරේ දිවුරුම් දුන්නාය.
මේ වසරේ එරට ජනපතිවරණය සඳහා සුදුසුකමි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි අපේක්ෂකයන් තිදෙනාගෙන් එම තනතුර සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා වන්නේ ඇය බවද මේ නිසා ඇයට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය නොවන බව මැතිවරණ බලධාරින් විසින් තීරණය කර තිබිණි.
63 හැවිරිදි හලීමා යාකොබ් එරට මැලේ ප්‍රජාව නියෝජනය කරයි.
සිංගප්පූරුවේ 8 වැනි ජනපති වන ඇය එරට ප්‍රථම කාන්තා ජනපතිවරියයි. ඇය මිට පෙර එරට පාර්ලිමේන්තුවේ කතානායකවරිය වශයෙන්ද කටයුතු කළාය.
කෙසේ වෙතත් හලීමා ජනපතිවරණයකට ඉදිරිපත් නොවී ජනපති ධූරයට හිමකම් ලැබීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්ද එරට තුළ ඇති වී තිබේ.

සුගතදාස ධාවන පථය ඉදිකිරීම ඇරැඹෙයි; දියගම, රත්නපුර, මාතර, මාතලේ, බිංගිරිය, නුවරඑළිය ප්‍රදේශවලටත් කෘත්‍රීම ධාවන පථ

දිනමිණ

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සතු එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථය නවීකරණය පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කෙරුණි. පසුගිය කාලයේ මේ ධාවන පථය එළීමට ප්‍රමාදවීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ඉදිරි මාස දෙකකදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් දායද කළ හැකි යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විශ්වාසය පළ කළේය.

සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථය නවීකරණයට රුපියල් ලක්ෂ 241ක් වැයවන අතර ඉදිකිරීම් ජාත්‍යන්තරව පිළිගත් සමාගමකට පවරා තිබේ. සුගතදාස ක්‍රීඩාංගණයේ මුලින්ම කෘත්‍රීම ධාවන පථයක් 1997දී ඉදි කෙරුණු අතර පසුව 2002දී නව ධාවන පථයක් එළිමට පියවර ගෙන තිබුණි. එය කැඩී යෑමත් සමග නැවැත 2011දී ඉදිවූ ධාවන පථය විශාල අර්බුදයක් ඇති කරමින් මාස 3කින් විනාශවීමට පටන්ගත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෘත්‍රීම ධාවන පථයක පුහුණුව අහිමි විය.

“මේ ධාවන පථය එළිමේ ටෙන්ඩර් කටයුතු ආරම්භ කළ පසු විවිධ ප්‍රශ්න පැමිණියා. ප්‍රමාදය පිළිබඳ ඇතැම් අය කරුණු දැනගෙන තවත් අය කිසිවක් නොදැන චෝදනා කරමින් සිටියා. නමුත් අප පැමිණි අභියෝග ජය ගැනීමට දිවා රූ නොබලා වෙහසවී කටයුතු කළා. ඒ අනුවයි මේ ආකාරයෙන් ධාවන පථය එළිමේ කටයුතු ආරම්භ වන්නේ” ඇමැතිවරයා පැවැසීය.

“මේ ව්‍යාපෘතිය ආරම්භ කළ පසු ටෙන්ඩර් මණ්ඩල දෙකකට අපට යන්න සිදුවුණා. ඒ වෙනුවෙන්ම මාස 6කට වැඩි ප්‍රමාණයක් ගත වුණා. මේ ධාවන පථය වගේම දියගම නව ධාවන පථයක් වෙනුවෙන් තවත් සති දෙකකින් කොන්ත්‍රාත් කරුට වැඩ පවරනවා. ඉදිරි කාලයේදී රත්නපුර, මාතර, මාතලේ, බිංගිරිය හා නුවරඑළිය වැනි ප්‍රදේශවල කෘත්‍රීම ධාවන පථ අලුතින් යෙදීමට බලාපොරොත්තු වෙනවා. එවිට සෑම ප්‍රදේශයකම කෘත්‍රීම ධාවන පථ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙනවා. 2018දී ආසියානු ක්‍රිඩා උළෙල අපේ විශාල බලාපොරොත්තුවක්. මේ ධාවන පථ නිමාවූ පසුව අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හොඳින් මුහුණදීමට හැකි බවට විශ්වාසයි” ජයසේකර මහතා පැවැසීය.

හිටපු මුදල් ඇමැති රවී කරුණානයක මහතා සුගතදාස අධිකාරිය සතු දේපල සංවර්ධනයට රුපියල් මිලියන 760ක මුදලක් ලබා දුන්නා. ඒ මුදලින් කඩා වැටී තිබූ වැසිකිළි හා නාන කාමර යළි සකස් කළා, සුගතදාස හෝටලය සම්පූර්ණ නවීකරණයකට ලක් කළා. පරිවාර ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. සේවකයන්ට නේවාසිකාගාරයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අඩුපාඩු හා සුගතදාස ක්‍රීඩාංගණයේ තණකොළ සිටුවා ඉතා හොඳ ක්‍රීඩාංගණයක් නිමවා තිබෙනවා. ලබන වසරේ රුපියල් බිලියන 2.5ක මුදලක් ලබාදීමට වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැමැත්ත පළ කළා. එයින් සුගතදාස ක්‍රීඩාගාරය හා ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කිරීමට, විදුලි ආලෝක ධාරා පද්ධතිය හා අලුත් ශබ්දවාහිනී පද්ධතියක් මිළදී ගැනීමට, විදුලි පුවරු අලුතින් මේ ක්‍රීඩාංගණයට ගේනවා. එවිට නව මුහුණුවරක් මේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ලැබෙනවා” ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලියට දොරටු පහසුවෙන් ව්වෘත වන ලකුණු

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශී‍්‍ර ලංකාවට දැන් හිමිව තිබේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පසුගිය 13 වන දින පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙනි.

මේ වන විට 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා ඇත.

ශී‍්‍ර ලංකාව හෝ කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය වන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රතිඵලය මතය.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සියලූම තරග ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

මිල ඩොලර් 999; අලුතෙන්ම හඳුන්වා දුන් ඇපල් iPhone X (10) මෙන්න

අලුතෙන්ම හඳුන්වා දුන් ඇපල් iPhone X මෙන්න

• iPhone X හි මිල ඩොලර් 999 ක් වන අතර එය මෙතෙක් වෙළඳපොළට ඉදිරිපත් කල මිළ වැඩිම iPhone දුරකථනය වේ. එය නොවැම්බර් 03 වැනිදා සිට නැව්ගත කිරීම අරඹනු ඇත.

• OLED තිරයකින් යුක්ත මෙහි LCD තිරයකට වඩා හොඳ වර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත වන අතර වඩා සැහැල්ලු සහ දීප්තිමත් බවින් යුක්ත වේ.

• iPhone X හි තිරය තිරය දුරකථනයේ මුළු මුහුණතම ආවරණය කරන අතර දශකයක කාලයක් පුරා iPhone දුරකථන වල විශේෂාංගයක් ලෙස පැමිණි home button ඉවත් කර තිබේ.

• iPhone 8 ප්ලස්, iPhone 8 PLUS නැමති දුරකථන මාදිලි දෙකද මීට අමතරව එළි දැක්විනි.

ලොව නන් දෙසින් වාර්තා වූ වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී ‘ඉර්මා’ හරිකේන් කුණාටුව කඩා වැටීමත් සමගම ලොව පුරා ජනතාවගේ අවධානය නැවතත් එවැනි ස්වභාවික විපත් වෙත යොමු වී තිබෙනවා.
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ලොව නන් දෙසින් වාර්තා වූ එවැනි වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු 10ක්.

ශ්‍රී ලංකා පිල නැවතත් ලාහෝරයට

hotPEPPER

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි20 තරග 3කින් සමන්විත ක්‍රිකට් තරග සංචාරය මේ මස 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වේ.

මේ සංචාරයේ දෙපිල අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් මස 6 වැනිදා ඩුබායි හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. එය ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද වේ. සංචාරයේ අවසන් තරගය වන තුන්වැනි විස්සයි20 තරගය ලාහෝරයේ පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝරයේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් අනතුරුව පාකිස්තානයේදී ක්‍රීඩා කල එකම විදෙස් ක්‍රිකට් කණ්ඩායම වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

තරග කාල සටහන මෙසේය.

පළමු ටෙස්ට් තරගය – සැප්. 28 සිට ඔක්.2 දක්වා (අබුඩාබි)

දෙවැනි ටෙස්ට් තරගය – ඔක්.6 සිට 10 දක්වා (ඩුබායි)

පළමු එක්දින තරගය – ඔක්.13 (ඩුබායි)

දෙවැනි එක්දින තරගය – ඔක්.16 (අබුඩාබි)

තුන්වැනි එක්දින තරගය – ඔක්. 18 (අබුඩාබි)

සිවුවැනි එක්දින තරගය – ඔක්.20 (සාජා)

පස්වැනි එක්දින තරගය – ඔක්.23 (සාජා)

පළමු විස්සයි20 තරගය – ඔක්.26 (අබුඩාබි)

දෙවැනි විස්සයි20 තරගය – ඔක්.27 (අබුඩාබි)

තුන්වැනි විස්සයි20 තරගය – ඔක්.29 (ලාහෝර්)

(ආරක්ෂක තත්ත්වය අනුව)