Tag Archives: බොලිවුඩ්

බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයෙකුට ඩොලර් මිලියන 1.5 ක තෑගි මුදලක්

hotPEPPER:

සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේ සහ ඇයගේ නවතම චිත්‍රපටය වන පද්මාවතී චිත්‍රපටයේ අධ්‍යක්ෂක සංජේ ලීලා භන්සාලි ගේ හිස් ගසා දමන අයෙකුට ඩොලර් මිලියන 1.5 ක තෑගි මුදලක් පිරි නැමිය යුතු බවට ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පාලක පක්ෂයේ සාමාජිකයෙකු වන සුරාජ් පාල් අමු විසින් ප්‍රකාෂ කර තිබේ.

භන්සාලි සහ වයාකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනයේ හවුල් නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදුකෝන් විසිනි.

ජනප්‍රවාදගත හින්දු රාජ්පුත් රැජිනක වන රාණි පද්මිණීගේ දිවිය අලලා කළ නිර්මාණයක් වන මෙම චිත්‍රපටයට අනුව පද්මාවතී යනු රාජ්පුත් පාලකයා වූ රාණා රාවල් රතන් සිංගේ බිසවයි. 1303දී, දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයා වූ අලාඋද්දීන් ඛිල්ජි, රාණි පද්මිණීව අල්ලා ගැනීමට ඔහු තුළ වූ ආශාව නිසා ආක්‍රමණයක් මෙහෙයවා ඇති අතර එම සිදුවීම ද ඇතුලුව භන්සාලි මෙම චිත්‍රපටය තුළ ඉතිහාසය විකෘති කරන බවට චෝදනා කරමින් බොහෝ අවස්ථා වලදී මෙහි රූගත කිරීම් වලට පවා විරොධතා එල්ල විය.

රන්වීර් සිං, ෂාහිඩ් කපූර්, සහ ආදිති රාඕ හයිදරි ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මුලින් මුදාහැරීමට නියමිතව තිබුණේ නොවැම්බර් 17 දින ය. කෙසේ නමුත් විරෝධතා එල්ල වීම හේතුවෙන් මෙය මුදාහැරීම දෙසැම්බර් 1 දින දක්වා කල් දමා තිබේ.

දේශීය මාධ්‍ය වාර්තා අනුව හර්යානාහි භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු ද වන සුරාජ් පාල් අමු, දෙසැම්බර් 1 වන දින ද මෙම චිත්‍රපටය සිනමා ෂාලා වල තිරගත කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාෂ කර තිබේ. මේ වන විටත් ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක් තුල මෙය මුලුමනින් ම තහනම් කර ඇත.

Mඒ හේතුවෙන් දීපිකා පදුකෝන්ගේ සහ සංජේ ලීලා භන්සාලි ගේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර මෙම විරෝධය ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ඇතුලු බොහේ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇතැයි ද පැවසේ.