Tag Archives: ART

කූඹියෝ හි ඔස්ටින් අයියා, ප්‍රවීණ රංගන ශිල්පි සේනක ටයිටස් මහතා අභාවප්‍රාප්ත වේ

hotPEPPER

මේ දිනවල අතිශයින් ජනප්‍රිය කූඹියෝ ටෙලි වෘතාන්තයේ ඔස්ටින්ගේ චරිතයට පන පොවන ප්‍රවීණ රංගන ශිල්පි සේනක ටයිටස් මහතා අද (27) උදෑසන සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය.

පසුගියදා සිංගප්පූරුවේ දී ‘අලුත් හොරෙක් ඕනේ’ නාට්‍ය වේදිකා ගත කිරීමෙන් අනතුරුව නැවත පැමිණීමෙන් අනතුරුව යලි දිවයිනට එන අතරතුර සිංගප්පූරු ගුවන් තොටුපොළේදී රෝගාතුර වූ ඔහු, ගුවන් තොටුපොළ නිළධාරින් විසින් චැන්ගි රෝහල වෙත යොමු කිරීමන් පසුව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

දස්කොන්, සී රජ, චෙස්, කූඹියෝ ඇතුලු ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ සේනක ටයිටස් මහතා ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතගේ වැඩිමල් සොයුරු වේ.

ලංකාවේ ප්‍රබුද්ධ තම හැකියාවෙන් ලිතුවේනියාව හොල්ලයි


hotPEPPER:

මීට දින කිහිපයකට ඉහතදී පැවැති වොයිස් ඔෆ් ලිතුවේනියා ගායන රියැලිටි වැඩසටහනේදී එක් අදියරකදී තම දස්කම් ප්‍රදර්ශනය කරමින් එහි විනිසුරුවන් මවිත කිරීමට ලිතුවේනියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවකු වන ප්‍රබුද්ධ ශාමල් සමත් විය.

මහනුවර විද්‍යාර්ථ ව්දුහලේ ආදි සිසුවකු වන ප්‍රබුද්ධ, වොයිස් ඔෆ් ලිතුවේනියා සීසන් 5 වැඩසටහනට සම්බන්ධ වී තිබෙන්නේ එරටේදී ව්‍යාපාර අධ්‍යයනය ට සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින අතර තුර දීය.

මේ වන විට වසර 03ක් පමණ ලිතුවේනියාවේ ඉගෙනුම ලබන ප්‍රබුද්ධ රොක් සංගීතයට වැඩි ඇල්මක් දක්වන අතර ගිටාර් වාදනයේද දස්කම් දක්වන්නෙක් බව වාර්තා වේ.

පණ්ඩිත් අමරදේව නමින් සංගීත අසපුවක්

 

ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව ඇගයීම පිණිස “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කෙරෙන මෙම අසපුවේ සමාරම්භක උළෙල 2017 අගෝස්තු මස 28 වන දින පෙ.ව.10.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.