Tag Archives: hurricane

ලොව නන් දෙසින් වාර්තා වූ වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී ‘ඉර්මා’ හරිකේන් කුණාටුව කඩා වැටීමත් සමගම ලොව පුරා ජනතාවගේ අවධානය නැවතත් එවැනි ස්වභාවික විපත් වෙත යොමු වී තිබෙනවා.
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ලොව නන් දෙසින් වාර්තා වූ එවැනි වඩාත්ම විනාශකාරී හරිකේන් සුළි කුණාටු 10ක්.

‘ඉර්මා’ ෆ්ලොරිඩාව වනසයි

hotPEPPER

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී කඩා වැදුණු ‘ඉර්මා’ හරිකේන් කුණාටුව නිසා මේ වන විටත් ජීවිත හානි 27ක් සිදු වී ඇත් අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 200 (රුපියල් බිලියන 30,600) කට වැඩි අලාභ හානි සිදු වී ඇති බවට අනුමාන කරන බව විදෙස් වාර්තා පවසයි. මේ හේතුවෙන් ඇතැම් ස්ථාන වල මහා මාර්ග අඩි 15 කට වඩා ජලයෙන් යට වී ඇති බවද වාර්තා විණි. ඉතා කලාතුරකින් ඇත්වන සංසිද්ධියක් හේතුවෙන් ‘ඉර්මා’ හරිකේන් කුණාටුව පැමිණීමත් සමඟ සෙනසුරාදා දිනයේ බහමාස් හි ඇතැම් වෙරළ තීර වල මුහුදු ජලය සිඳී ගිය බවක් දිස් වූ බවද වාර්තා විණි.

ඊයේ දිනයේ දහවල් වන විටත් මියාමි නගරයේ කොටස් ජලයෙන් යටවී තිබූ අතර පැයට කිලෝමීටර 209 ක වේගයෙන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කීස් වෙතින් ඈත් වී බටහිර වෙරළ තීරයට ඇතුළු වීමට නියමිත බව සඳහන් කෙරිණි.

‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර හේතුවෙන් ලක්ෂ 63 කට වැඩි පිරිසක් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.

එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.

ඉර්මා ෆ්ලොරිඩාව විනාශ කිරීමට සැරසෙයි

BBC
‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර ඉදිරියේ සිය භූමියේ පනස් හය ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.
එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දකුණු තීරයේ සහ ප්‍රාන්ත අභ්‍යන්තරයේ ශක්තිමත් නොවන නිවාස වල ජීවත් වෙන මහජනතාවටත් ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානවලට ගමන් කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී ඇත.
හෙට ඉරිදා (සැප්තැම්බර් 10) උදෑසන ‘ඉර්මා’ ෆ්ලොරිඩාවට පහර දෙනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කුණාටු උවදුරු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජනපද ‘හරිකේන්’ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් ‘ඉර්මා’ ගමන් ගන්නා මාර්ගයෙන් ඉවත් නොවී හිඳිමින් ඊට ගොදුරු වන ඕනෑම ජීවියෙක් මරණයට පත්වීමේ බිහිසුණු තත්වයක් පවතින බවට අනතුරු ඇඟවීමක් කළේය.
කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ප්‍රභේදයට (CATEGORY 5) ඇතුළත් කරනු ලැබ ඇති ‘ඉර්මා’ කුණාටුව හමා යමින් පවතින්නේ පැයට කිලෝමීටර් තුන්සීයක පමණ වේගයකිනි.
ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමඟ මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පවතින බව ෆ්ලොරිඩා වාර්තා මගින් පැවසෙයි.
‘ඉර්මා’ දශකයක කාලයක් ඇතුළත අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ අති ප්‍රබල කුණාටුවයි.