Tag Archives: Lanka

විසිතුරු රටා මවන ඔරයනොයිඩ් උල්කාපාත වැස්ස අද රාත්‍රී අහසේ

hotPEPPER:

හැලීගේ වල්ගා තරුවෙන් ඉවතට විසි වෙන සුන්බුන් පෘථිවි වායුගෝලය සමඟ ගැටීමෙන් ඇති වන ඔරයනොයිඩ් උල්කාපාත වර්ශාව අද රාත්‍රී අහසේ දැක ගැනීමට ඔබටත් හැකි වනු ඇත.

වළාකුලු රහිත පැහැදිලි අහසක් පවතී නම් අඳුර වැටුන පසු පැයකට උල්කාපාත 15ත් 30ත් අතර ප්‍රමාණයක් දුරේක්ෂයක් හෝ වෙනත් කිසිදු උපකරණයක ආධාරයක් නැතිවම පියවි ඇසෙන්ම බලා ගැනීමට ඔබට හැකි වේ. අධික ආලෝක දුෂණයක් සහිත නගරබද ප්‍රදේශ වලදී මෙය එතරම් පැහැදිලි ලෙස දිස් නොවනු ඇති. ශ්‍රී ලන්කාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ජනතාව හට මෙම උල්කාපාත වර්ෂාව දිස් වනු ඇති අතර ඊයේ (20) සහ අද (21) දිනයන්හි මෙය එහි උච්ඡතම අවස්ථාවට ළඟා වනු ඇති.
මේ දින දෙකේදී එය දැක ගැනීමට ඔබ හට නොහැකි වුවත්, ඔරයනොයිඩ් උල්කාපාත වර්ෂාව ලබන නොවැම්බර් මස 7 වන දින තෙක් පවතිනු ඇත.

ලංකාවේ ප්‍රබුද්ධ තම හැකියාවෙන් ලිතුවේනියාව හොල්ලයි


hotPEPPER:

මීට දින කිහිපයකට ඉහතදී පැවැති වොයිස් ඔෆ් ලිතුවේනියා ගායන රියැලිටි වැඩසටහනේදී එක් අදියරකදී තම දස්කම් ප්‍රදර්ශනය කරමින් එහි විනිසුරුවන් මවිත කිරීමට ලිතුවේනියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවකු වන ප්‍රබුද්ධ ශාමල් සමත් විය.

මහනුවර විද්‍යාර්ථ ව්දුහලේ ආදි සිසුවකු වන ප්‍රබුද්ධ, වොයිස් ඔෆ් ලිතුවේනියා සීසන් 5 වැඩසටහනට සම්බන්ධ වී තිබෙන්නේ එරටේදී ව්‍යාපාර අධ්‍යයනය ට සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින අතර තුර දීය.

මේ වන විට වසර 03ක් පමණ ලිතුවේනියාවේ ඉගෙනුම ලබන ප්‍රබුද්ධ රොක් සංගීතයට වැඩි ඇල්මක් දක්වන අතර ගිටාර් වාදනයේද දස්කම් දක්වන්නෙක් බව වාර්තා වේ.