Tag Archives: mangala samaraweera

ඇමති මංගල ගෙනා අයවැය යෝජනා මෙන්න..

hotPEPPER:

2018 අයවැය යෝජනා. ….

● 2040 වන විට ඛණිජ තෙල් මගින් ධාවනය කරන වාහන භාවිතයෙන් ඉවතට…
● මූලික පියවර ලෙස රජයේ ආයතනවලට 2025 වනවිට විදුලියෙන් ධාවනය වන වාහන.
● විදුලියෙන් ධාවනය කාර් සඳහා ආනයන බද්ද රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩු කෙරේ.
● එන්ජින් ධාරිතාව 2500 ට වැඩි වාහන සඳහා රුපියල් ලක්ෂ 25 කට අධික සුඛෝපභෝගී බද්දක්.
● ඩීසල් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 50,000ක බද්දක්.
● ඛණිජ තෙල්වලින් ධාවනය වන යතුරු පැදි, මෝටර් රථ හා බස් රථ සඳහා කාබන් බද්දක්.
– යතුරු පැදි සඳහා දිනකට ශත 17 ක්, මෝටර් රථ සඳහා රුපියල් 1 ශත 78 ක් බස් රථ සඳහා රුපියල් 2 ශත 74 ක්.
● සූර්යය බලයෙන් ක්‍රියාත්මක වන ආරෝපන මධ්‍යස්ථාන රටපුරා ඇතිකිරීම සඳහා බදු සහන.
● ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 10 යක නිෂ්පාදන බද්දක්.
● දිරිපත්වන ඇසුරුම් ද්‍රව්‍ය නිපදවීම සඳහා අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය සඳහා පනවා තිබූ ආනයන බදු ඉවතට.
● සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම ව්‍යායාම මංතීරු.
● ගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා යොදා ගන්නා අඩි 55 ට වැඩි බහුදින ධීවර යාත්‍රා සදහා යන වියදමෙන් 50% ක් රජය දැරීම.
● වී ඇතුළු බෝග වර්ග 6 ක් සඳහා අක්කරයකට රුපියල් 40 000 ක ආවරණයක්.
● ඉහළ තාක්ෂණික කෘෂි භාවිතයන් නංවාලන පරිදි තෝරාගත් උපකරණ ආනයනයට ඇති ජාතිය ගොඩනැගීමේ බදු ඉවතට.
● පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් දිරිගන්වමින් ආනයන අපනයන අංශයක් සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන දස දහසක්.
● සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාගැනීමේදී ඇපකරුවන් ඉදිරිපත්කිරීම ඇතුලු දැඩි කොන්දේසි ලිහිල් කර මේ බැංකුව මගින් ණය ලබාදීම.
● සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායක ඇපකර අරමුදලක් ඇරඹීමට රුපියල් මිලියන 500 ක්.
● සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකින්ට ණය ලබාදීම සඳහා ඇති විවිධ යෝජනා ක්‍රම 8 ක් එක්කර එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ණය ක්‍රමයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 750 ක්.
● විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට හා කාන්තාවන්ට ව්‍යවසාය දිරිගැනීම සඳහා පොලී සහනාධාර.
● කොළඹ, මොරටුව විශ්වවිද්‍යාල හා ස්ලිට් ආයතනයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර හා සම්බන්ධ කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය ඇතුළු නව පාඨමාලා.
● 2018 මැයි පළවනදා සිට විදේශ ගමන් බලපත්‍ර ලාභීන්ට වැට් ආපසු ලබාගැනීමේ ක්‍රමවේදයක්.
● තට්ටු නිවාස සංකීර්ණවල හතරවන මහලට පහළ මහල් විදේශිකයින්ට ලබාගැනීමට ඇති බාධා ඉවතට.
● විදේශිය ලයිස්තුගත සමාගම්වලය ඉඩම් හිමිකර ගැනිමට ඇති බද්ද ඉවතට.
● තරුණ තරුණියන් රැකියා සඳහා සුදානම් කිරීමේ අරමුදලක්.
● ඒ යටතේ වෘත්තිය පුහුණුව ලබන කාලය තුළ මසකට රුපියල් 3500 ක දිමනාවක්.
● මහපොළ ශිෂ්‍යත්වය සඳහා සලකා බලන ආදායම් සීමාව රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වා ඉහළට
● ග්‍රාමීය ක්‍රීඩාංගණ 100 ක් සංවර්ධනයට පියවර.
● අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රීඩා පාවහන් සඳහා වන තීරු බදු නොවන ආනයන බදු ඉවතට
● 2018 අප්‍රෙල් 01 වන දා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවේ.
● මධ්‍යසාර අඩංගු ප්‍රමාණය හා වර්ගය මත බදු අය කරන සුත්‍රයක්.
● රජයේ බැංකුවල ස්කන්ධ ප්‍රාග්ධනය උපයාගැනීම සඳහා තැන්පත්කරු වන්ට සහ සේවකයින්ට කොටස් මිලදී ගැනීමේ අවස්ථාව.
● 2016 පසුව විශ්‍රාම ගන්නා සියලු දෙනාට අග්‍රහාර අවරණය.
● රජයේ ආයතවලින් ක්‍රියාත්මක කරන සේවා සඳහා අයකරන ගාස්තු 15% කින් ඉහළට.
● 2018 අප්‍රෙල් 01 සිට බැංකු මගින් සිදුකරන සියළු ගනුදෙනු සඳහා රුපියල් 1000 කට ශත 20 ක් ලෙස ණය ආපසු ගෙවීම සඳහාවු විශේෂ බද්දක්.
● ආනයන දුම්වැටි හා සුරුට්ටු සඳහා බලපත්‍ර ක්‍රමයක්.
● එතනොල් නිෂ්පාදනය යොදාගන්නා අමුද්‍රව්‍ය මත සුරා බද්දක්.
● පානීය නොවන මධ්‍යසාරසාර සඳහා ලීටරයට රුපියල් 15 ක සුරා බද්දක් අද මධ්‍යම රාත්‍රීයේ සිට.
● 2018 ජනවාරි 01 සිට මොටර් වාහන ආනයන කිරීමේදී භාවිත කරන කාලීන ණයවර ලිපි පහසුකම ඉවතට.
● 2018 අප්‍රෙල් පළවෙනිදා සිට අළෙවි ප්‍රචාරණය සඳහා යවන කෙටි පනිවිඩ සඳහා ශත 25 ක විශේෂ බද්දක්.