Tag Archives: music

ලිතුවේනියාව හොල්ලන මහනුවර ප්‍රබුද්ධ ගේ ඊළඟ පියවර මෙන්න (වීඩියෝ)

hotPEPPER:

මීට සති කිහිපයකට ඉහතදී වොයිස් ඔෆ් ලිතුවේනියා ගායන රියැලිටි වැඩසටහනේදී තම දස්කම් ප්‍රදර්ශනය කරමින් ලිතුවේනියානුවන්ගේ සිත් දිනා ගත් එහි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුවකු වන ප්‍රබුද්ධ ශාමල්, පසුගියදා එම වැඩසටහනේ දි තවත් ගායනයක් ඉදිරිපත් කළේය.

මහනුවර විද්‍යාර්ථ ව්දුහලේ ආදි සිසුවකු වන ප්‍රබුද්ධ, වොයිස් ඔෆ් ලිතුවේනියා සීසන් 5 වැඩසටහනට සම්බන්ධ වී තිබෙන්නේ එරටේදී ව්‍යාපාර අධ්‍යයනය ට සම්බන්ධ උපාධියක් හදාරමින් සිටින අතර තුර දීය.

මේ වන විට වසර 03ක් පමණ ලිතුවේනියාවේ ඉගෙනුම ලබන ප්‍රබුද්ධ රොක් සංගීතයට වැඩි ඇල්මක් දක්වන අතර ගිටාර් වාදනයේද දස්කම් දක්වන්නෙක් බව වාර්තා වේ.

වොයිස් ඔෆ් ලිතුවේනියා ගායන රියැලිටි වැඩසටහනේදී ප්‍රබුද්ධ ඉදිරිපත් කල පළමු ගායනය නරඹන්න, මෙතනින්.

පණ්ඩිත් අමරදේව නමින් සංගීත අසපුවක්

 

ආචාර්ය පණ්ඩිත් අමරදේව ශුරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව ඇගයීම පිණිස “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කෙරෙන මෙම අසපුවේ සමාරම්භක උළෙල 2017 අගෝස්තු මස 28 වන දින පෙ.ව.10.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.