Tag Archives: USA

ශ්‍රී ලංකා මැරීන් භටයින් ඇමරිකානු මැරීන් බලකායේ සෙබලුන් සමග පුහුණු සැසියක් සාර්ථකව නිමා කරති

අති විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන් බලකායක් ඇමරිකානු මැරීන් බලකායේ පුහුණුවක්ද සමග ශ්‍රී ලංකාවේද ස්ථාපිත කොට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

‘ඉර්මා’ ෆ්ලොරිඩාව වනසයි

hotPEPPER

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඊයේ (10) දිනයේදී කඩා වැදුණු ‘ඉර්මා’ හරිකේන් කුණාටුව නිසා මේ වන විටත් ජීවිත හානි 27ක් සිදු වී ඇත් අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 200 (රුපියල් බිලියන 30,600) කට වැඩි අලාභ හානි සිදු වී ඇති බවට අනුමාන කරන බව විදෙස් වාර්තා පවසයි. මේ හේතුවෙන් ඇතැම් ස්ථාන වල මහා මාර්ග අඩි 15 කට වඩා ජලයෙන් යට වී ඇති බවද වාර්තා විණි. ඉතා කලාතුරකින් ඇත්වන සංසිද්ධියක් හේතුවෙන් ‘ඉර්මා’ හරිකේන් කුණාටුව පැමිණීමත් සමඟ සෙනසුරාදා දිනයේ බහමාස් හි ඇතැම් වෙරළ තීර වල මුහුදු ජලය සිඳී ගිය බවක් දිස් වූ බවද වාර්තා විණි.

ඊයේ දිනයේ දහවල් වන විටත් මියාමි නගරයේ කොටස් ජලයෙන් යටවී තිබූ අතර පැයට කිලෝමීටර 209 ක වේගයෙන් සුළි කුණාටුව ෆ්ලොරිඩා කීස් වෙතින් ඈත් වී බටහිර වෙරළ තීරයට ඇතුළු වීමට නියමිත බව සඳහන් කෙරිණි.

‘ඉර්මා’ හරිකේන් කුණාටු අනතුර හේතුවෙන් ලක්ෂ 63 කට වැඩි පිරිසක් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති.

එසේ ඉවත් කර ගන්නා ලද සංඛ්‍යාව ෆ්ලොරිඩා සමස්ත ජනගහනයෙන් හතරෙන් එකකි.

උතුරු කොරියාව සතුව හයිඩ්‍රජන් බෝම්බ, මහත් විනාශයක් අත ළඟ

hotPEPPER

පසුගියදා සාගරයේ දී සිය බලගතු න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදු කළ උතුරු කොරියාව, ඊයේ (02 දා) දිනයේ දී ඔවුන් සතුව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල වලට වඩා ඉතා බලගතු හයිඩ්‍රජන් බෝම්බයක් ඇති බව අනාවරණය කළේය.

අසල්වැසි ජපාන බලධාරීන් ඊයේ දිනයේදී අනාවරණය කළේ, උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කල න්‍යෂ්ඨික අත්හදා බැලීම හේතුවෙන් ඇති වූ කම්පන තරංග, මීට වසරකට පෙර ප්යොංග්යැංග් පාලකයින් විසින් සිදු කල පරීක්ෂණයට වඩා 10 ගුණයකින් බලවත් බවයි.

මෙම නවතම බෝම්බයේ ප්‍රමාණය තවමත් තහවුරු කර නොමැති වුවද, එම ප්‍රකාශය සත්‍ය නම්, උතුරු කොරියාව විසින් මීට පෙරද අනතුරු අඟවා ඇති පරිදි එක්සත් ජනපද භූමියට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීම මෙමගින් පහසුවෙන්ම කල හැකි වේ.

මේ වන විට ප්යොංග්යැංග් පාලකයින් විසින් සිය බැලස්ටික් මිසයිල පද්ධති වැඩි වැඩියෙන් අත්හදා බලමින් සිටින අතර, ඒ හෙතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන් අතර වාචික තර්ජන හුවමාරුවක්ද සිදු වෙමින් පවතී.

තමන් විසින් එක්සත් ජනපද භූමිය කරා ළඟා විය හැකි මිසයිල සංවර්ධනය කර ඇති බව උතුරු කොරියාව පවසන අතර ඇතැම් විද්වතුන් පවසන්නේ එය සත්‍යයයක් බවයි. එනම් මෙම තත්වය ඉතා ඉක්මනින් විසඳා ගැනීමට දෙපාර්ශවය අපොහොසත් වන්නේ නම් ඉතා නුදුරේදීම මහත් විනාශකාරී ප්‍රතිඵල අත් විඳීමට මුළු මහත් ලෝක වාසීන්ටම සිදු වන බව විද්වතුන්ගේ මතයයි.

ඊයේ මහ දවල් ඇමරිකාවට රෑ වුන හැටි.. (වීඩියෝ සහිතයි)

 

වසර 38ක් තුල ඇමෙරිකාවේ පහලම ප්‍රාන්ත 48 කට දිස් වූ පළමු පූර්ණ සූර්යග්‍රහණය ඊයේ දිනයේදී දැක බලා ගැනීමට මිලියන ගණනක් වූ ජනකායක් රැස්ව සිටියහ.

ඔවුන් හට එය දිස් වූ අයුරු නාසා ආයතනය විසින් කැමරාවල ග්‍රහණය කර ගත්තේ මේ අයුරිනි